හුලංගල
හුලංගල වීව් පොයින්ට් එකට ගියාම එම ස්ථානය දිස් වන්නේ පුංචි ලෝකාන්තයක් වශයෙනි. ඒ නිසාම හුලංගල පුංචි ලෝකාන්තය දැකගැනීමේ හැකියාව ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයත් , බතලගොඩ වැවත් , නකල්ස් කදු , බිසෝගල, දොලුකන්ද , රිදී විහාරය , පුංචි රම්බඩගල්ල වැනි ස්ථාන හුලංගල සිට නැරඹීමට හැකිය.
පුංචි ලෝකාන්තය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 760 ක් ( අඩි 2500 ) උසිනි. නමුත් හුලංගල කන්ද මීටර් 1025 ( අඩි 3360 ) ක් දක්වා ඉහළට විහිදේ. පා ගමනින් මෙන්ම වාහන ඔස්සේ මෙම ස්ථානයට ළඟා වීමට හැකි වීම සංචාරකයින් හට මනා පහසුවක් ගෙන දේ. හුලංගල ඇති සුන්දරත්වය සංචාරයට කැමති ඔබත් සජීවීව අත්විදීමට අමතක කරන්න එපා.
✍️ sandali Amasha
Comments
Post a Comment