Posts

Showing posts from June, 2023

කොත්මලේ පුරාණ කඩදොර විහාරය

Image
  සුන්දර කොත්මලේ ප්‍රදේශයෙන් අපට හමු වුණු අපි ගොඩක් දෙනෙක් නොදන්න සංචාරක ප්‍රදේශයක් වන කොත්මලේ පුරාණ කඩදොර විහාරය ගැන තමයි අද මගේ සටහන. කොත්මලේ ප්‍රදේශය සම්බන්ධ ඉතිහාසය පිළිබඳව හැදෑරීමේදී කාවන්තිස්ස රජතුමාගේ කාලෙදිත් මේ ප්‍රදේශය කොත්මලේ නමින්ම හඳුන්වලා තියෙනවා.ජනප්‍රවාදයේ පැවත එන ආකාරයට හනුමා විසින් ගිනි තැබීම නිසා කොත්මලේ පස කළු පාට වී ඇති බවට මතයක් සහිතයි. ඒ වගේම ගැමුණු කුමාරයා මාළිගාව අතහැර දමා ඇවිත් කොත්මලේ කොටගේපිටියේ සිටි බවද අපගේ පුරාණ  ඉතිහාසය සාක්ෂි දරයි. කාලිංගමාඝ කාලයේ දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍ර ධාතූන් වහන්සේ හංගලා තිබුණෙත් මෙම කොත්මලේ ප්‍රදේශයේ.  පුරාණ කඩදොර විහාරය හෙවත් කඩදොර ශ්‍රී ප්‍රියබිම්භාරාම විහාරය යනු වියළි කාලයේ දී පමණක් සංචාරකයින් හට වැඳුම් පිදුම් කිරීමට, දැකබලා ගැනීමට හැකි ඉතාමත් අලංකාර විහාරයකි.මන්ද කොත්මලේ ජලාශයේ ජලය පිරුණු විට ඊට අඩු අඩි 20 පමණ පතුලෙන් කඩදොර විහාරය පිහිටා තිබීමයි. මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි වුණු පළවෙනි ජලාශය ලෙස සැලකෙන කොත්මලේ ජලාශය නිර්මාණයේදී මෙන්ම එය ජලයෙන් පිරුණු විට මේ නිම්නය තුළ වූ විශාල භූමි ප්‍රමාණයන්, ගම්බිම් ද සමඟ ජලාශ පතුලේ සැඟව ගො