Posts

Showing posts from July, 2023

හුලංගල

Image
 සැලගම වතුයායේ නකල්ස් කදුවැටියේ දකුණු කෙළවර පිහිටාඇති හුලංගල කාගෙත් සිත් බදනා අපූර්ව සුන්දරත්වයකින් යුක්තය.මෙහි විශේෂත්වය වන්නේ මෙම ස්ථානයට අධික සුළං හමා ඒමක් පැවතීමයි. එම නිසාම මේ කන්දට හුලංගල යන නම පටබැදී ඇත. හුලංගල කන්ද අවසානයේ හුලංගල පුංචි ලෝකාන්තය දැකගත හැක. බොහෝ දෙනෙක් මේ කන්ද ' නැවුගල' යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වයි. සවස්‍ යාමය වන විට සීතල මීදුමෙන් පිරී යන හුලංගල කාගෙත් සිත් වශී කරන්නා  වූ ඉතා රමණීය දර්ශනයකි. තේ වතු යායවල් වලින් වට වී ඇති හුලංගල වෙත ඕනෑම කෙනෙකුට කුරුණෑගල හෝ මාතලේ සිට ළඟා වීමේ හැකියාව ඇත.                                                      හුලංගල වීව් පොයින්ට් එකට ගියාම එම ස්ථානය දිස් වන්නේ පුංචි ලෝකාන්තයක් වශයෙනි. ඒ නිසාම හුලංගල පුංචි ලෝකාන්තය දැකගැනීමේ හැකියාව ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයත් , බතලගොඩ වැවත් , නකල්ස් කදු , බිසෝගල, දොලුකන්ද , රිදී විහාරය , පුංචි රම්බඩගල්ල වැනි ස්ථාන  හුලංගල සිට නැරඹීමට හැකිය.   පුංචි ලෝකාන්තය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 760 ක් ( අඩි 2500 ) උසිනි. නමුත් හුලංගල කන්ද මීටර් 1025 ( අඩි 3360 ) ක් දක්වා ඉහළට විහිදේ. පා ගමනින